මාඳුරුඔය හෙලිකොප්ටර් අනතුරෙන් පසු ජීවිත මුදාගත් ධීවරයින්ට යුද හමුදාවේ ස්තූතිය (වීඩියෝ)

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටීමෙන් ඊයේ (09) පෙරවරුවේ අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයයේ ගමන් ගත් 12 දෙනෙකුගෙන් හයදෙනෙකු අවාසනාවනත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුර සිදු වූ අවස්ථාවේ දී මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වූ මාඳුරුඔය ජලාශයේ ධීවර කටයුතුවල නිරත වී සිටි ධීවරයින් පිරිසට යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ස්තූතිය පුදකර තිබෙනවා.

ඒ, මෙම මුදවා ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් කරුණු දැක් වූ නිවේදනයක් නිකුත් කරමින්.

යානය මාඳුරුඔය ජලාශයට කඩා වැටුණු අවස්ථාවේ දී ඒ තුළ සිරවී සිටි පිරිස් බේරාගැනීමට යුද හමුදා විශේෂ බලකා සාමාජිකයින් හට මෙම ධීවරයින් පිරිස විශාල සහයෝගයක් දැක්වූ බවයි යුද හමුදාව පවසන්නේ.

මේ අතර මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා එක් වූ සෙබලුන්ගේ හැකියාව සහ ඔවුන් සතු විශේෂ මෙහෙයුම් උපකරණ භාවිත කර සිදුවීමට තිබූ ජීවිත හානිය අවමකර ගැනීමට හැකි වූ බවයි යුද හමුදාව අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.

මේ අතර අනතුරට ලක්වූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23