වෙසක් පොහොයට රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස ජනාධිපති සමාව හිමිවන රැඳවියන් අතරට කාන්තා රැඳවියන් සිව්දෙනෙක් ද සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා මැයි මස 12 සහ 13 දිනවල අවස්ථාව සලසා දෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ.

එම දින දෙක තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ එම අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර බන්ධාගාර වෙසක් කලාපය 12,13 හා 14 යන දින තුන තුළ දී බේස්ලයින් පාර බන්ධනාගාර මුලස්ථානය ඉදිරිපිට ක්‍රියාත්මක බව ද කොමසාරිස්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?