මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවි නැගුම නිලධාරියාට වසර 20ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

වකුගඩු රෝගයකින් පෙලෙන සත් හැවිරිදි දරුවෙකුට සැත්කමක් කිරීමට රජයෙන් ලබාදෙන ආධාර මුදල ලබා ගැනීමට අනුමැතිය ලබාදීමට එම දරුවාගේ මව වන 30 හැවිරිදි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිරඳඬුවම් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම ක තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, සිරදඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ එම දඬුවම වසර දහයකින් එකවර ගෙවී යන ලෙස එකී දඬුවම නියම කරන බවයි.

රුවන් ප්‍රදිප් මධුසංඛ නමැති එම විත්තිකරුට ගොනුකර ඇති චෝදනා හතරටම ඔහු වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.

එමෙන්ම වරදකරුට රුපියල් විසිදහසක දඩයක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම විත්තිකරුගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන බවත් එමගින් ඔහුට මැතිවරණයක දී ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන බැවින් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම්දෙන ලෙස ද මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

රටේ ජනතාවගේ මුදලින් වැටුප් ලබන විත්තිකරු ඔහු වෙත පැවරී ඇති රාජකාරි වගකිම් ඉටු කිරීම සඳහා දරිද්‍රතාවයෙන් පෙලෙන අසරණ මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම මෙන්ම කාන්තාවක් වීම නිසා එලෙස ලිංගික අල්ලස් ඉල්ලන තත්ත්වයකට ගොදුරු වීමට සිදුවීම සිය අධිකරණයට කිසිසේත් ම සුළු කොට තැකිය නොහැකි බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

එම තත්ත්වයට මුහුණ දුන් කාන්තාව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට කැඳවා ගෙන ගොස් සිටියදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2016 මාර්තු මස 31 වැනි දින අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණා.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ අමා සිරිවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙය වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51