Update – මාදුරුඔය හෙළිකොප්ටර් අනතුරින් මියගිය ගණන ඉහළට (වීඩියෝ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 06ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ගුවන් හමුදා හෙළිකොප්ටර් භටයින් දෙදෙනෙක් සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිව්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වුණේ.

Update – Friday, May 9, 2025, 11.48 AM

=============================================

මාදුරුඔය හෙළිකොප්ටර් අනතුරින් 05ක් ජීවිතක්ෂයට

අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙළිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීම් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අද (09) උදෑසන 8.15 පමණ මාදුරුඔය ජලාශයට කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණා.

යානය අනතුර ලක්වන අවස්ථාවේ දී ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 12 දෙනෙකු එහි ගමන්කරමින් සිටි බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

ඔවුන් සියලුම දෙනා ඇතුළත් කෙරුනේ පොළොන්නරුව මහ රෝහලටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
19
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23