ඉලක්කගත ත්‍රස්තයින්ට පමණක් ප්‍රහාර එල්ල කළා මිසෙක පාකිස්තාන හමුදාවට ගැහුවේ නෑ – ඉන්දියාව

ජම්මු කාශ්මීරයට පසුගියදා පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදු කරන ලද මාරාන්තික ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස ප්‍රති ප්‍රහාර පාකිස්තානයට එල්ල කිරීම මේ වනවිට (මැයි 07) ඉන්දියාව අරඹා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව මේ වනවිට පාකිස්තාන කලාපයේ ස්ථාන 09කට මිසයිල ප්‍රහාර 24ක් එල්ල කර ඇති බවයි.

එම ප්‍රහාරවලින් ලෂ්කර්-ඊ-තායිබා ත්‍රස්ත කල්ලිය සහ ජයිෂ්-ඊ-මොහොමඩ් සමඟ සම්බන්ධ මධ්‍යම මට්ටමේ සිට ඉහළ පෙළේ ක්ෂේත්‍ර අණ දෙන නිලධාරීන් රැසක් සිටින බවත් ඔවුන් ඇතුළු පාකිස්තාන ත්‍රස්තවාදීන් 70 දෙනෙකු ඝාතනය කර ඇති බවත් වාර්තා වනවා.

සින්දූර් මෙහෙයුම නමින් ඉන්දියාව විසින් මෙම ප්‍රහාර මාලාව හඳුන්වා තිබෙනවා.

ඉන්දියාව පවසන්නේ තවදුරටත් පාකිස්තානය විසින් එරට ත්‍රස්ත ව්‍යාප්තිය අඩපණ නොකිරීමට කඩිනම් පියවර නොගැනීම සහ ඇතැම් රාජ්‍ය ආයතනවල සහාය දේශසීමා ත්‍රස්තවාදය තීව්‍ර කිරීමට ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

මෙම ප්‍රතිප්‍රහාරයෙන් මුසෆරාබාද්, කොට්ලි, බහවල්පූර්, රාවලකොට්, චක්ස්වරි, භිම්බර්, නීලම් නිම්නය, ජෙලම් සහ චක්වාල් යන ඉලක්කගත ස්ථාන 09කට ප්‍රහාර එල්ල වූ අතර තවත් ත්‍රස්ත නායකයින් 60කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

කෙසේවෙතත් පාකිස්තාන රජය පවසන්නේ ඉන්දියාවට මෙම ප්‍රති ප්‍රහාරය සඳහා බරපතළ ආකාරයෙන් වන්දි ගෙවීමට සිදු වන බවත් ඉන්දියාව එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 38ක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම තවත් දෙදෙනකු අතුරුදන් ව තිබෙනවා.

ඉන්දීය රජයේ ආරංචි මාර්ග පවසන පරිදි, පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්කවලට පමණක් ප්‍රහාර එල්ල කර ඇති බවත්, අවම ප්‍රමාණයේ හානි වාර්තා වන්නේ නිවැරදි ඉලක්ක කිරීම් හේතුවෙන් බවත්, තම හමුදා කිසිදු පකිස්තාන හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කර නොමැති බවයි.

ගෝලීය බලවතුන් දෙපාර්ශ්වයටම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26