තංගල්ල නගර සභාවේ ජය මාලිමාවට – සභික ධුර 09කුත් ලැබෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ යි.

එහි ජය ජාතික ජන බලවේගයට හිමිවුණා.

ජාතික ජන බලවේගයට ඡන්ද 2260ක් හිමි ව ඇති අතර එය ප්‍රතිශතාත්මක ව 46.18ක්.

සභික ධුර 09ක් මාලිමාවට හිමිව තිබෙනවා.

සමගි ජන බලවේගයට ඡන්ද 1397ක් හිමි ව ඇති අතර සභික ධුර 05ක් ද දිනා ගැනීමට ඔවුන් සමත් වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 795ක් සහ සභික ධුර 03ක් ද හිමි ව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයට සහ සර්වජන බලය පක්ෂයට තංගල්ල නගර සභාවෙන් සභික ධුරයක් බැගින් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
3
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?