සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 28 වනදා සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අවශ්‍යව සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මොහොමඩ් අසමින් ශේරිෆ්ඩීන් නැමැති මෙම සැකකරු මේ වනවිට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සෙන්ට්‍රල් ගාර්ඩන්, රද්දොළුගම සහ කටුවන පාර, හෝමාගම යන ලිපිනයන්වල මෙම සැකකරු පදිංචිව සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071- 8591637 හෝ 011- 2253522 යන දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Image 2025 05 06 at 12.00.20 PM
WhatsApp Image 2025 05 06 at 12.00.19 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?