සබරගමු සරසවියේ නවකවද සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හට නවකවදය ලබාදමේ සිද්ධියට අදාළව තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් අද (06) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු මෙම සිසුන් දෙදෙනා බලංගොඩ මෙහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දසදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.