හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

කොරෝනා ආසාදිත මෘතදේහ පිළිබඳ මරණ පරීක්ෂණ සිදුකරන තම සංගමයේ සාමාජිකයින්ට සතියක් තුළ එන්නත් ලබා නොදුනහොත් සේවා කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී  එම සංගමයේ සභාපති අනුර හේරත් මේ බව කියා සිටියා.

එමෙන්ම තිස්සමහාරාම සඳගිරි වැඩිහිටි නිවාසයේ 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර ද එම වැඩිහිටි නිවාසයෙන් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ අතර, මේ වන විට ඉන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13ක්.

එමන්ම කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1352 නෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 17,220 ක්.

මේ අතර, අද දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයින් 1,786 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 39,871 ක් දක්වා ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13