රැකියාවට යන සෑම කෙනෙක්ම නිවසේදීත් මුහුණු ආවරණයක් භාවිත කරන්නැයි ඉල්ලීමක්

රජය සහ සෞඛ්‍ය අංශ සියයට අනූවක වැඩ කොටස් සිදුකර තිබුණ ද කොවිඩ් රෝගය බෝවීමට හේතුවන්නේ ජනතාවගේ හැසිරීම බව ලියනගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කීර්ති ලාල් තුඩුවගේ මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත රැකියා සඳහා යන සෑම පුද්ගලයෙකුම නිවෙසට පැමිණි පසුවද මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවය. 

“ජනතාව හැසිරෙන විදිහ අනුව තමයි මේ රෝගය බෝ වෙන්නේ. රැකියාවට යන හැම කෙනෙක්මත් ගෙදර ආවට පස්සෙත් මාස්ක් එකක් පාවිච්චි කරන්න.”

අද (15) පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහනක් අතරතුර ජනතාව දැනුවත් කරමින් ඔහු ඒ බව පැවසීය.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද පැවසීය.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ වාර්තාවල අඩුපාඩු පැවතිය හැකි බවය.

“ඕනම රසායනාගාර පරීක්ෂණයකදී සමහර වෙලාවට සුළු ප්‍රමාණයක් වැරදි ප්‍රතිඵල ලබාදෙන අවස්ථා තියෙනවා. ඒක PCR පරීක්ෂණයටත් ඇන්ටිජන් පරීක්ෂණයටත් අදාළයි. ඒ හේතුවෙන් එකකින් පොසිටිව් වෙන කෙනෙක් තව පරීක්ෂණයකින් නෙගටිව් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒක ඒ ආකාරයෙන්ම භාර ගන්නේ නෑ. ඒ නිසා ආසාදිතයෙක් ද කියලා තහවුරු කරගන්න අපි නැවත පරීක්ෂණ සිදුකරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18