පසු ගිය මාස හතේ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 11ක් ලංකාවට රැගෙන ඇවිත්

පසු ගිය මාස 07ක කාලසීමාව තුළ විදෙස්ගතව සිටිය දී ලංකාවට සංවිධානාත්මක අපරාධකරුවන් එකොළොස් දෙනෙකු මෙරටට රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන; ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැත්තා බේලරූස් රාජ්‍යයේ සිට මෙරටට අද (04) රැගෙන ආ අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මේ වනවිට ඩුබායි, කැනඩාව, ඉන්දියාව වැනි රටවල්වල සිටින මෙරට අපරාධවලට සම්බන්ධ තවත් සංවිධානාත්මක අපරාධකරුවන් විස්සකට අධික සංඛ්‍යාවක් ඉදිරියේ දී දිවයිනට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හා සම්බන්ධ වී අදාළ රටවල් දැනුවත් කර එම පුද්ගලයින් දිවයිනට ගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

මේ අතර අද (04) දිනයේ දිවයිනට රැගෙන ආ “ලොකු පැටී” නැමැත්තා අවශ්‍ය වුවහොත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58