අවුරුදු තුනේ දැරිය ස්වේච්ඡාවෙන් මරණයට යවා ලෝක වාර්තා සහතිකය අතට ගත් දෙමව්පිය යුවළ (වීඩියෝ)

අධ්‍යාත්මික නායකයෙකුගේ උපදෙස් පරිදි ජෛන ආගමික පිළිවෙතක් වන ‘සන්තරා’ (මරණ උපවාසය) වෙත යොමු කිරීමෙන් පසු තුන් හැවිරිදි දැරියක් මියයාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දැරියගේ දෙමව්පියන් සඳහන් කළේ තම එකම දරුවා වූ වියානා ජෛනා නම් දැරිය පසුගිය මාර්තු 21 වන දින මරණයේ උපවාසයෙන් අවසන් හුස්ම හෙළූ බවයි.

සන්තරා යනු ස්වේච්ඡාවෙන් මරණය දක්වා උපවාසයේ යෙදෙන ජෛන චාරිත්‍රයක් වන අතර, මෙම පිළිවෙතට අනුව පුද්ගලයෙකු ලෝකයෙන් අධ්‍යාත්මික පවිත්‍රතාවයක් සහ වෙන්වීමක් ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස මරණය දක්වා ආහාර සහ ජලය පරිභෝජනය ක්‍රමයෙන් අඩු කරනවා.

තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලෙස සේවය කරන දැරියගේ දෙමාපියන් පවසන්නේ, ජෛන මුනිවරයෙකු විසින් උපදෙස් ලබා දීමෙන් පසු තම දියණියට සන්තාරා භාරය ගැනීමට ඔවුන් තීරණය කළ බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැරියගේ පියා වන පියුෂ් ජේන් පැවසුවේ, “මගේ දුවට මේ වසරේ ජනවාරි මාසයේදී මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගත්තා. ඇයට ශල්‍යකර්මයකට භාජනය වූ පසුව ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුණා. නමුත් මාර්තු මාසයේදී ඇගේ තත්ත්වය නරක අතට හැරුණා. ඇයට ආහාර පාන ගැනීමට පවා අපහසු වුණා.
මාර්තු 21 වන දින රාත්‍රියේ, පවුලේ සාමාජිකයන් සමඟ බරපතල ලෙස රෝගාතුර වූ දියණියව ජෛන මුනිවරයෙක් වන රාජේෂ් මුනි මහරාජ් වෙත රැගෙන ගියා. මහාරාජ් ජී මගේ දුවගේ තත්ත්වය දැක, දැරියගේ අවසානය ආසන්න බවත්, ඇයට සන්තාරා භාරය ලබා දිය යුතු බවත් අපට පැවසුවා. මෙම උපවාසය ජෛන ආගමේ විශාල වැදගත්කමක් දරන නිසා. ඒ ගැන සිතා අපි අවසානයේ ඒ සඳහා යාමට එකඟ වුණා.”

මුනිවරයා, සන්තාරා ආගමික චාරිත්‍ර ඉටු කිරීමෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත තම දියණිය මිය ගිය බවයි ඇයගේ පියා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දැරියගේ දෙමාපියන් පවසන්නේ මෙම ජෛන ආගමික පිළිවෙත වන සන්තාරා භාරදුන් ලොව ලාබාලතම පුද්ගලයා බවට තම දියණියගේ නම ලියාපදිංචි කර ලෝක වාර්තාවක් ද නිකුත් කළ බවයි.

1
2
3
    • ඔක්කොමත් හරි ලෝක වාර්තාවකුත් දීල තියෙන නිසා තව ළමයි කීදෙනෙක් ජෛනා ළඟට යවාවිද

  1. දැන් ලෝක වාර්තාව දරුවවගේ තුරුල් කරගෙන උස් මහත් කරානම් හරි. අපි නම් බලන්නේ දරුවා තව එක දවසක් හරි ජීවත් කරවන්න මැරෙන්න නොදී

  2. මූං තමයි නියම රට ගොන්. හරියට බේහෙතක් කලානම් දරුවා හොද වෙන්නත් තිබූනා.

  3. මුන්වගේ ගොං ජෝඩුවක් ළග ඉපදිලා ඉන්නවාට වඩා ඒ දරුවාට පූජකයා කරපු දේ වටිනවා..

  4. ඉන්දියව දියුණු උනාට ගොඩක් ප්‍රන්තවල පට්ටම ගවයො ඉන්නවා.නැත්නම් මේ දරුවට මෙහෙම ඉරනමක් අත්වෙයිද ?

  5. කරුමක්කාරයො ළඟ ඉපදීම කරුමයක් මෙවැනි එවුන් ගාව ජිවත් නොවි මරුනු එක එක්තරා ආකාරයට වාසනාවක්
    ඉන්දියාව දියුණුයි කියුවට මෙවැනි දේ දැක්කම දියුණුවේ තරම පේන්වා

  6. මම සංචාරක ව්‍යාපාරයේ නියැලෙන කෙනෙක්.මේ ජාතියේ එවුන් තමා අති බහුතරයක් ඉන්නෙ.කට ඇරියම පට්ටම පණ්ඩිතයි.ගොන් කමත් ඊට එහා.ඔය රට ඔහොම තියෙන එකත් ලොකු දෙයක්. 🤔#🤣

  7. අම්මංගෙ ආ්ශිර්වාදය තිබුනානම් ලමයා සුව වෙනවාමයි කියලා ඒක ඉටුවෙනවා. අම්මගෙ සිතුවිලිවලින් මැරිච්ච ලමයට පන ආපු අවස්තා තියෙනවා.

  8. මගෙ දුව උපතින්ම හදවත් රෝගී.
    ඇයට සැත්කම් 3ක් කරන්න .නියම කරා, ඇය දම්පාටට හිටියෙ. මගෙ වයිෆ් සැත්කම් වලින් ලමයි නැති වෙන ඒවා උජාරුවට මිනිසුන් එක්ක කිව්වා මමට වේදනාවට කියවුනා ඕය මැරුනත් ලමයට මොකුත් වෙන්නැ කියලා. දුවගේ හිත රිදෙව්වෙනැ. දෙවන සැත්කමෙන් 80% සාර්ථක උනා දැන් ලෙඩක් පෙන්නනැ. මම හමුවේ රැකියාව නැති උනා ඒත් දරුව සනිප කර ගන්න ලගටම ඇවිත් ඉන්නේ.
    මම මදුරුවෙක් වත් මැරුවෙ නැ .
    වයිෆ් මම වියදම් කරෙ නැ කියලා ලොයර් ලග ලියලා . ඒකත් ඉවසනවා දරුව වෙනුවෙන් .
    මම හෙට මොනවා උනත් කමක් නැ .මගෙ සියල්ල කැප කරලා ඉවරයි ..
    අද මට මම විතරයි …
    සමාජය කුරිරුයි….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42