ඕස්ට්‍රේලියානු මීළඟ අගමැති තෝරන ඡන්ද විමසීම ඇරඹේ

ඕස්ට්‍රේලියානුවන් මිලියන 18ක් සිය මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

වාමාංශික නැඹුරුවක් ඇති ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ අගමැති ඇන්තනි ඇල්බනීස් දෙවන වාරයක් අපේක්ෂාවෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, අනෙක් අන්තයෙන් කොන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩටන් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්ව සිටිනවා.

ඒ, අනුව මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ඇන්තනි ඇල්බනීස් සහ පීටර් ඩටන් අතර තියුණු තරගයක් නිර්මාණය කරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වනවිටත් ඇන්තනි ඇල්බනීස් සහ පීටර් ඩටන් දෙදෙනාම සිය ඡන්දය පවිච්චිකර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල ඉහළ යෑම මෙම මැතිවරණයට ඝෘජුව බලපානු ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර බහුතර රජයක් පිහිටුවීම සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 76ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?