පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) පස්වරු 04.00ට නිමාවට පත් වුණා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මෙලෙස අවසන් කෙරෙන බවයි.
ඒ අනුව තැපැල් ඡන්දය සලකුණු නොකළ පිරිස් වෙත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා පුද්ගලයින් 648,495 ක් සුදුසුකම් ලබා තිබුණා.
මේ අතර දින 04ක් පුරාවට පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීම ඉතාම සාමාකාමි අයුරින් සිදු වූ බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්දය භාවිත කිරීම ඉතා ප්‍රශස්ත මට්ටමක පැවති බව තම සංවිධානය වෙත නිරීක්ෂණය වූ බවයි.















