පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) පස්වරු 04.00ට නිමාවට පත් වුණා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මෙලෙස අවසන් කෙරෙන බවයි.

ඒ අනුව තැපැල් ඡන්දය සලකුණු නොකළ පිරිස් වෙත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා පුද්ගලයින් 648,495 ක් සුදුසුකම් ලබා තිබුණා.

මේ අතර දින 04ක් පුරාවට පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීම ඉතාම සාමාකාමි අයුරින් සිදු වූ බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්දය භාවිත කිරීම ඉතා ප්‍රශස්ත මට්ටමක පැවති බව තම සංවිධානය වෙත නිරීක්ෂණය වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54
Video thumbnail
සුන්දර හඟරන්ඔය දිය ඇල්ල ප්‍රදේශය ගැන හෙළිදරව්වක් - රාජ්‍ය නිලධාරීන්ට යන්න දෙන්නත් නැහැ
08:18
Video thumbnail
වැරැද්දක් කළාම නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනි - අංගුලිමාලටත් ඒ අවස්ථාව තිබුණා
01:39
Video thumbnail
නාමල්ට සෙත් පතන්න කන්දේ විහාරයට ආ ජනතාව - ඔප්පු කළොත් අපි දණ ගහගෙන යනවා කිව්වනේ
02:19
Video thumbnail
නාමල් පුතා දුකක වැටිලා ඉන්නේ - නාමල් පුතාට අපල කාලයක් මේ
02:07
Video thumbnail
"අංගුලිමාලටත් අවස්ථාවක් දුන්නා වැරදි හදාගන්න" - සාගර කාරියවසම්
00:19
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35