මෙතෙක් කලක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ නම ඉදිරියේ තිබූ අයි.පී.එල්. වාර්තාවක් තම නම ඉදිරියේ ලියාගන්නට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජෙස්ප්‍රිත් බුම්රාට ඊයේ (27) හැකියාව ලැබුණා.
ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්.
මීට පෙර ලසිත් මාලිංග විසින් එම වාර්තාව තම නම ඉදිරියේ ලියාගෙන සිටියේ අයි.පී.එල්. කඩුලු 170ක් දවාගනිමින්.
කෙසේ වෙතත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයේ දී බුම්රා දවාගත් කඩුලු හතරත් සමඟ එම වාර්තාව තම නම ඉදිරියේ ලියා ගන්නට ඔහු සමත් වුණා.
ඒ, අනුව බුම්රා මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 174ක් දවාගැනීමට සමත්ව සිටිනවා.
ලසිත් මාලිංග මුම්බායි ඉදියන්ස් වෙනුවෙන් තරග 122 කට ක්‍රීඩා කර ඇති අතර, බුම්රා මේ වනවිට මුම්බායි ඉදියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 139 කට ක්‍රීඩා කර තිබෙනවා.





