මාලිංගගේ නම ඉදිරියේ ලියවී තිබූ වාර්තාව බුම්රාගේ නම ඉදිරියේ ලියවෙයි

මෙතෙක් කලක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ නම ඉදිරියේ තිබූ අයි.පී.එල්. වාර්තාවක් තම නම ඉදිරියේ ලියාගන්නට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජෙස්ප්‍රිත් බුම්රාට ඊයේ (27) හැකියාව ලැබුණා.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

මීට පෙර ලසිත් මාලිංග විසින් එම වාර්තාව තම නම ඉදිරියේ ලියාගෙන සිටියේ අයි.පී.එල්. කඩුලු 170ක් දවාගනිමින්.

කෙසේ වෙතත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයේ දී බුම්රා දවාගත් කඩුලු හතරත් සමඟ එම වාර්තාව තම නම ඉදිරියේ ලියා ගන්නට ඔහු සමත් වුණා.

ඒ, අනුව බුම්රා මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 174ක් දවාගැනීමට සමත්ව සිටිනවා.

ලසිත් මාලිංග මුම්බායි ඉදියන්ස් වෙනුවෙන් තරග 122 කට ක්‍රීඩා කර ඇති අතර, බුම්රා මේ වනවිට මුම්බායි ඉදියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 139 කට ක්‍රීඩා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13