ඉරානයේ වරායක දැවැන්ත පිපිරීමක් – 500කට පමණ තුවාල

දකුණු ඉරානයේ නගරයක් වන බන්ඩාර් අබ්බාස් හි වරායක සිදු වූ දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ තුවාල ලබා ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

බලධාරීන් විසින් තවමත් කිසිදු මරණයක් වාර්තා කර නොමැති නමුත් වීදියේ තුවාල ලැබූ පුද්ගලයින් වැටී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරීමත් සමඟ කඩා වැටුණු ගොඩනැගිලි යට සිරවී සිටින පුද්ගලයින් පිළිබඳ වාර්තා වනවා.

මෙම වරාය තුළ ප්‍රධාන වශයෙන් බහාලුම් හසුරුවන අතර, තෙල් ටැංකි සහ අනෙකුත් ඛනිජ රසායනික පහසුකම් සපයන වරායක් ලෙසද ප්‍රසිද්ධයි.

පිපිරීමේන් වරායට දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති අතර, පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42