නිල ඡන්ද පත්‍රිකා 86ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට ඡන්ද අපේක්ෂිකාවක් අත්අඩංගුවට

නිල ඡන්ද පත්‍රිකා 86ක් සිය සන්තකයේ තබාගෙන සිටි බව කියන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂිකාවක් පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඊයේ (23) රාත්‍රී 10.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි 61 හැවිරිදි කාන්තාවක්.

තැපැල්කරු නිල ඡන්ද පත්‍රිකා බෙදාදීමට පැමිණි අවස්ථාවේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දානමය කටයුත්තක් සඳහා ගොස් සිටි බවත්, එම හේතුවෙන් නිල ඡන්ද පත්‍රිකා සියල්ල බෙදා දීම සඳහා තමන්ට භාර දුන් බවත් අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව පොලීසියට පවසා තිබෙනවා.

පුත්තම දිසා ලේකම් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි අංශය භාර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24