ගෙවුණු දිනයේ මත් ජාවාරම්කරුවන් 299ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (20) දිනයේ වැටලීම් 300ක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

එහිදී සැකකරුවන් 299ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

මෙම මෙහයුමේ දී හෙරොයින් සම්බන්ධ සැකකරුවන් 121 දෙනෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව ගංජා සම්බන්ධව සැකකරුවන් 84 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත සුළු, මධ්‍යම හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුම පසුගිය 13 වනදා සිට ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?