කොල්ලකා පලායමින් තිබූ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි (වීඩියෝ)

කොල්ලකා පලායමින් තිබූ මෝටර් රථයකට කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ මෙම මෝටර් රථය කොල්ලකා ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් පසු කොල්ලකරු මෝටර් රථය අතහැර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වාසල පාර, කොටහේන වීදිය ප්‍රදේශයේ දී තම ගැබිණි බිරිඳ සහ මව සමඟ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් මෝටර් රථය නවතා එහි එන්ජිම පණ ගන්වා තිබිය දී කොටහේන ප්‍රදේශයේ අවන්හලකට ආහාර මිල දී ගැනීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මෝටර් රථයට නැඟි පුද්ගලයෙක් මෝටර් රථය තුළ බිරිඳ සහ මව සිටියදීම රථය කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට තොරතුරක් ලැබී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීන් මෝටර් රථය ලුහුබැඳ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෝටර් රථය නතරකරන ලෙසට නිලධාරීන් සඥාකර ඇති අතර, එම පොලිස් අණ නොතකා කොල්ලකරු මෝටර් රථය ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් පිස්තෝල ගිනි අවියකින් මෝටර් රථයකට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලකර ඇති අතර, එහිදී බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථය නතරකර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් මෝටර් රථය අසලට පැමිණෙන අවස්ථාවේ දී කොල්ලකරු ඉන් බැස පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථය තුළ සිටි කාන්තාවන් දෙදෙනාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර, පලාගිය සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?