වහල මත සවි කර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංවිමෙන් ඉල්ලීමක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල අද (12) පස්වරු 3:00 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඒවායේ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

උත්සව සමයේ දී ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂාකර ගැනීම සඳහා මෙලෙස සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙසයි එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

උත්සව සමයේ ප්‍රධාන පද්ධතියට අඩු විදුලි ඉල්ලුමක් ලැබෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

  1. මේක තේරුම් ගැනීමට අපහසුයි. සුර්යබල විදුලිය නිෂ්පාදනය වඩාත්ම පරිසර හිතකාමී සහ ලාභදායී, ප්‍රභවයක් ලෙස තේරුම් ගනිමු. ගල් අඟුරු සහ තාප විදුලිය සීමාකොට, සූර්ය විදුලිය ප්‍රවර්ධනය නොකරන්නේ ඇයි? ඇතැමුන් පවසන පරිදි මේකත් මාෆියාවක්ද?