රට සිගරට් තොගයක් ගෙන ආ පුද්ගලයෙක් ගුවන්තොටේ දී අල්ලයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මගියා අද (11) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මෙම පුද්ගලයා අද (11) අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ විදේශීය නිෂ්පාදිත වර්ගයේ දුම්වැටි 15,000ක් අඩංගු දුම්වැටි කාටූන් 75ක් සඟවා තිබිය දී සොයා ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් විදේශීය දුම්වැටිවල වෙළඳපොළ වටිනාකම රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් පමණ රේගු නිලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !