රාජ්‍ය සේවයේ රාජකාරී නිසි අයුරින් ඉටුනොවුන හොත් අවශ්‍ය තීන්දු ගන්නවා – ජනපති අනුර

රටේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇතිකළ යුතු බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එහිදී රාජ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සහ වැටුප් වැඩිවීම් ලබාදෙන බව සඳහන් කළ ජනධිපතිවරයා; එලෙස පහසුකම් සපයන අවස්ථාවේ දී රාජ්‍ය සේවයෙන් ඉටුවිය යුතු රාජකාරිය නිසි අයුරින් ඉටුනොවුන හොත් ඒ සඳහා ද නියමිත තීන්දු ගැනීමට පසුබට නොවන බවයි සඳහන් කළේ.

ජාතික ජනබල වේගයේ අක්කරපත්තුව ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මහජනතාවට දැනුම් දුන්නේ රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු සිදුකර ගැනීමට කිසිම අවස්ථාවක පගාව ලබානොදීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම රජය මේ වනවිට ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එළඹෙන සැප්තැම්බර් මාසයේ ජපානයේ නිල සංචාරයක් සඳහා ඇරයුම් ලැබී ඇති බව ද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32