රාජ්‍ය සේවයේ රාජකාරී නිසි අයුරින් ඉටුනොවුන හොත් අවශ්‍ය තීන්දු ගන්නවා – ජනපති අනුර

රටේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇතිකළ යුතු බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එහිදී රාජ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සහ වැටුප් වැඩිවීම් ලබාදෙන බව සඳහන් කළ ජනධිපතිවරයා; එලෙස පහසුකම් සපයන අවස්ථාවේ දී රාජ්‍ය සේවයෙන් ඉටුවිය යුතු රාජකාරිය නිසි අයුරින් ඉටුනොවුන හොත් ඒ සඳහා ද නියමිත තීන්දු ගැනීමට පසුබට නොවන බවයි සඳහන් කළේ.

ජාතික ජනබල වේගයේ අක්කරපත්තුව ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මහජනතාවට දැනුම් දුන්නේ රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු සිදුකර ගැනීමට කිසිම අවස්ථාවක පගාව ලබානොදීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම රජය මේ වනවිට ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එළඹෙන සැප්තැම්බර් මාසයේ ජපානයේ නිල සංචාරයක් සඳහා ඇරයුම් ලැබී ඇති බව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?