මහවැලි ආරක්ෂක සහකාර අධ්‍යක්ෂවරයාගේ රුපියල් ලක්ෂ 11 ඩීසල් කොල්ලයක්? – අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අනුමැතිය ලැබුණු බවටත් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලධාරියෙක් සිදු කළ ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් විගණන විමසුම් මත හෙළි ව තිබෙනවා.

2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා රුපියල් දස ලක්ෂ හැට තුන්දහස් නවසිය අසූ අටක (1,063,988)ක ඉන්ධන තොගයක් භාවිතා කර, අධිකාරියට සිදුකර ඇති මූල්‍යමය අලාභය අභ්‍යන්තර විගණනයකින් හෙළි වී තිබියදි පරිවාස කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය ස්ථිර කරන බවට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණයට මහවැලි ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි විරෝධය පළ වී තිබෙන්නේ මෙවන් පසුබිමකදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

2023 මාර්තු 23 වැනිදා සිදු කරන ලද විගණන විමසුම් වාර්තාවට අදාළව කරන ලද මූලික විමර්ශන වාර්තාවට අනුව ඔහු එම කාලය තුළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිල රථයට ලබාදෙන ඉන්ධනවලට අමතරව රුපියල් දස ලක්‍ෂ හැට තුන්දහස් නවසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර ඇති බවට හෙළිදරව් වී තිබෙනවා.

මේ සම්බන්ධව 2023 මැයි 23 වෙනිදා පැවැති පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාවේ දී කරුණු අනාවරණය වී තිබියදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ, එච්.එම්.ජේ.කේ. හේ‍රත් මහතා විසින්, අදාළ මහවැලි ආරක්ෂක බලකායේ සහකාර අධ්‍යක්ෂවරයා අවභාවිතා කර ඇති මුදල්වලින් අඩක් ගෙවන ලෙසට ලිඛිතව දැනුම් දීමක් ද කර තිබීම හාස්‍යයට කරුණක් බව ද මහවැලි ආරක්ෂක නිලධාරීන් පෙන්වාදෙනවා.

වසරක් ඇතුළත ඉන්ධන තොගයකින් රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් රජයට අලාභ හානි සිදුකර ඇති මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා මේ වනවිට දිගන ප්‍රදේශයේ සේවය කරන අතර, මෙම වංචාව පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදුකර රජයට සම්පූර්ණ මුදල අයකර ගනිමින්, ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට වැඩකටයුතු කරන ලෙස
තමන් මහවැලි අමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මහවැලි ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය වෙත මහවැලි සංවර්ධන අධිකාරියේ ආරක්ෂක සහකාර අධ්‍යක්ෂ තරංග විජේනායක මහතා අදහස් දක්වමින් පැවසුවේ මෙකී සියලු අමතර ඉන්ධනවලට පූර්ණ අනුමැතිය එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තමන්ට හිමි වූ බවයි.

එම අතිරේක ඉන්ධන දීමනාවලට අධ්‍යක්ෂ ජනරාල්වරයා 2023 වර්ෂයේ ජනවාරි මස 10 වැනි දින අවසර ලබා දී තිබෙන බවට ද තරංග විජේනායක මහතා අප වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
3
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23