කැලිප්සෝ දුම්රිය මංගල ගමන අරඹයි (ඡායාරූප)

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද (08) උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවා.

නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අඟහරුවාදා දිනක ම ගමන් ආරම්භ කරන අතර, එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට දිස්වෙන සුන්දර දියඇළි ඇතුළු ආකර්ෂණිය ස්ථාන දැක බලා ගෙන ඡායාරූප ගැනීමට පහසු වන පරිදි එම දුම්රිය මැදිරි සකස්කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එක් මැදිරියක් වහළක් නොමැතිව විවෘතව පවතින දුම්රියක් වීම ද මෙහි විශේෂත්වයක්.

එම දුම්රියේ විශේෂ භෝජනාගාරයක් ද සමන්විත වන අතර නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් කරනා එක් සංචාරකයෙකුගෙන් රු.10000 /= මුදලක් අය කරන බව ද වාර්තා වනවා.

දෙමෝදර දක්වා ධාවනය වන එම දුම්රිය යළිත් බණ්ඩාරවෙල දක්වා ධාවනය කර පසුව දෙමෝදර සිට බදුල්ල දක්වා එම දුම්රිය ධාවනය කරන බවත්, මෙවැනිම තවත් කැලිප්සෝ දුම්රියක් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇති බවයි එම දුම්රිය ගමනට එක් වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ජී.එස්. පොල්වත්ත මහතා කියා සිටියේ.

  1. අය කරන මුදලින් දුම්රිය නඩත්තුවට වගේම පිරිසිදුව තබා ගත්තානම් හොඳයි. එතකොටයි ජාතියක් හැටියට ආඩම්බර විය හැක්කේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39