දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද (08) උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවා.
නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අඟහරුවාදා දිනක ම ගමන් ආරම්භ කරන අතර, එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට දිස්වෙන සුන්දර දියඇළි ඇතුළු ආකර්ෂණිය ස්ථාන දැක බලා ගෙන ඡායාරූප ගැනීමට පහසු වන පරිදි එම දුම්රිය මැදිරි සකස්කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
එක් මැදිරියක් වහළක් නොමැතිව විවෘතව පවතින දුම්රියක් වීම ද මෙහි විශේෂත්වයක්.
එම දුම්රියේ විශේෂ භෝජනාගාරයක් ද සමන්විත වන අතර නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් කරනා එක් සංචාරකයෙකුගෙන් රු.10000 /= මුදලක් අය කරන බව ද වාර්තා වනවා.
දෙමෝදර දක්වා ධාවනය වන එම දුම්රිය යළිත් බණ්ඩාරවෙල දක්වා ධාවනය කර පසුව දෙමෝදර සිට බදුල්ල දක්වා එම දුම්රිය ධාවනය කරන බවත්, මෙවැනිම තවත් කැලිප්සෝ දුම්රියක් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇති බවයි එම දුම්රිය ගමනට එක් වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ජී.එස්. පොල්වත්ත මහතා කියා සිටියේ.


















අය කරන මුදලින් දුම්රිය නඩත්තුවට වගේම පිරිසිදුව තබා ගත්තානම් හොඳයි. එතකොටයි ජාතියක් හැටියට ආඩම්බර විය හැක්කේ.
Sahathika aththa mudal ayakalata kayak na pirisiduwa pahasukam athiwa thibunoth athi seegiriya wage novee