එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දියි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.

ඒ අනුව රජයේ පාර්ශ්වය විසින් ලබා දුන් ප්‍රතිඥාව සැලකිල්ලට ගනිමින් S.C. (SD) 05/2025 සහ S.C. (SD) 06/2025 යන පෙත්සම් ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන නොයෑමට තීරණය කර ඇති බැවින්, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබා නොදුන් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙන බව නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනු ලැබුවා.

එමෙන්ම කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා මියයාම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 අප්‍රේල් 06 දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව ද නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ අනුව ඔහුගේ අභාවය පිළිබඳව බලවත් කණගාටුව පල කරමින් මෙම මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත පාර්ලිමේන්තුව වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බව ද නිවේදනය කර සිටියා.

එමෙන්ම මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මතු දිනයක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ද ඔහු පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32