පේෂලගේ “තාල නන්දශ්‍රී” අගමැති මෝදි අතින් ජනගත වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය මෝදි ඊයේ රාත්‍රියේ කොළඹ ඉන්දීය ප්‍රජාවේ පිළිගැනීමේ උත්සවයකට එක්ව තිබුණා.

එම පිළිගැනීමේ උත්සවය අතරතුර මහා පුරුෂ ශ්‍රීමන්ත සංකර්දෙව් තුමා, ශ්‍රී ශ්‍රී මධාබ්දෙව් තුමා, සංගීතය පිළිබඳ පොත්, ඉන්දීය කතාන්දර සහ පාලි ගීත ගෝවින්දයේ සිතුවිලිවල පරිවර්තනයන් ද දැකගැනීමට මෝදි අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව හිමි වුණා.

මෝදි අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ මෙම අවස්ථාව අතර තුර මෙරට දක්ෂ සංගීත ශිල්පියෙක් වන පේෂල මනෝජ්ට ඔහුව හමු වී කතාබහක නිරතවීමට ද අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම අවස්ථාවේ දී සංගීත ශිල්පී පේෂල මනෝජ් විසින් නිර්මාණය කළ “තාල නන්දශ්‍රී” (8½ මාත්‍රා චක්‍රය) සංගීත තැටිය, මෝදි අග්‍රාමාත්‍යවරයාට හඳුන්වාදී ජනගත කිරීමට ද අවස්ථාව උදාවුණා.

පේෂල මනෝජ් පවසන්නේ මෙම “තාල නන්දශ්‍රී” සංගීත තැටිය ඔහුගේ දිවංගත ගුරු, සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස සිදුකළ නිර්මාණයක් බවයි.

තමන්ට හිමි වූ මෙම මහඟු අවස්ථාව පිළිබදව පේෂල සිය මුහුණු පොතට එක්කර තිබුණේ මෙවැනි සටහනක්.

“තාල නන්දශ්‍රී” සහ සංගීත ගමනෙහි විශිෂ්ට අවස්ථාවක්

මගේ රිද්මයානුකූල ගමනේ දී මට විවිධ විශිෂ්ට අවස්ථා ලැබුණි. එහෙත්, අද දිනය ඉතාම අරුත්පූර්ණ, පූජනීය සහ අභිමානවත් අවස්ථාවක් බවට පත්විය. ඒ සඳහා හේතුව වන්නේ, මෙදින මගේ නවතම නිර්මාණය වන “තාල නන්දශ්‍රී” (8½ මාත්‍රා චක්‍රය) ජනතාවට හඳුන්වාදීමයි.

මෙය මගේ දිවංගත ගුරු, සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස කරන ලද නිර්මාණයකි.

මගේ නිර්මාණයට අගයක් එක්කරමින්, එය සංගීත කලා ක්ෂේත්‍රයට හඳුන්වාදීමටත්, පටිගත කිරීමටත්, බෙදා හැරීමටත් සහාය වූ ඉන්දියානු මහ කොමසාරිස්තුමන්ට, ඔහුගේ කාර්ය මණ්ඩලයට, එමෙන්ම ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන්ට සහ කාර්ය මණ්ඩලයටත් මාගේ හද පිරි ස්තුතිය පළකරමි.

මගේ නිර්මාණය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට ඉදිරිපත් කරන විට, ඔහු ඒ සම්බන්ධයෙන් සත්‍යයෙන්ම සාවධානීව හිඳීම පුදුම සහගත ය. ජීවිතය පිළිබඳව මට උතුම් උපදෙස් ද ලබාදෙමින් මට ආශිර්වාද කිරීමට ද එතුමා නොපැකිලි විය.

මට අධ්‍යාපනය ලබාදුන්, මට නව පරිණාමයකට ලක් වීමට හේතු වූ, ලඛ්නඌ ඝරානාවේ ඛලීෆා, උස්තාද් ඉල්මාස් හුසේන් ඛාන් මාගේ ගුරුතුමාට ගෞරවය හා ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

අවසන් වශයෙන්, මෙම සියලු ක්‍රියාවලියේදී මා සමඟ දිවා-රාත්‍රි මහන්සිවී පුහුණුවීම් සහ පටිගත කිරීම් සිදු කළ මාගේ ශිෂ්‍යයන්ටද මාගේ ආභාරය පළකරමි.

සංගීත ක්ෂේත්‍රය තුළ නව ආයාමයක් නිර්මාණය කිරීම සඳහා, අනාගතයේ වැඩි වශයෙන් දායක විය හැකි යැයි බලාපොරොත්තු වෙමි.

ස්තුතියි!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48