කොළඹට ආ මෝදිට ඉන්දියානුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක් – රූකඩ සංදර්ශනයකුත් නරඹලා (ඡායාරූප)

කොළඹ ඉන්දීය ප්‍රජාවේ දර්ශනීය පිළිගැනීමට තම හදවත ගැඹුරින් ස්පර්ශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය මෝදි ඊයේ (04) රාත්‍රියේ කොළඹ ඉන්දීය ප්‍රජාව හමුවුණා.

මේ අතර ප්‍රජා පිළිගැනීමේ උත්සවය අතරතුර මහා පුරුෂ ශ්‍රීමන්ත සංකර්දෙව් තුමා, ශ්‍රී ශ්‍රී මධාබ්දෙව් තුමා, සංගීතය පිළිබඳ පොත්, ඉන්දීය කතාන්දර සහ පාලි ගීත ගෝවින්දයේ සිතුවිලිවල පරිවර්තනයන් ද තමාට දැකබලා ගැනීමට හැකි වූ බවයි ඔහු නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

දිවයිනට පැමිණි මෝදි අග්‍රාමාත්‍යවරයා සුන්දර් කාන්ද් හි කොටස් නිරූපණය කරමින් පැවති රූකඩ සංදර්ශනයක් නැරඹීමට ද ඊයේ (04) රාත්‍රියේ එක්ව තිබෙනවා.

එහිදී නලින් ගම්වාරි සහ ශ්‍රී අනුර රූකඩ කණ්ඩායමේ තමන් දුටු උද්යෝගය සහ ජවය අගය කරන බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම නිල සංචාරයේ නිරත වන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරත වන සිව්වන අවස්ථාව මෙයයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය අද (05) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

1 1
2
3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38