25 වන විවාහ සැමරුම මැද බිරිඳ ඉදිරියේ සැමියා අවසන් ගමන් ගිහින් (වීඩියෝ)

යුවළක් තම 25 වන විවාහ සංවත්සරය සමරමින් සිටිය දී සැමියා බිරිඳ ඉදිරිපිට අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 02 වනදා මෙම යුවළ තම හිතවතුන් පිරිදක් සමඟ එක්ව 25 වන විවාහ සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණා.

උත්සවයට පැමිණි සිටි පිරිස සහ යුවළ නටමින් විනෝද වෙන අවස්ථාවේ දී සැමියා හදිසියේම හෘදයාබාධයක් වැළඳී බිම ඇදවැටී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසු වූ වසීම් සර්වත් නැමති පුද්ගලයෙක් වන අතර, ඔහු පත්තු ව්‍යාපාරිකයෙක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

අදාළ සිදුවීම උත්සව ශාලාවේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබුණා.

එම සිදුවීම මෙතැනින් නරඹන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?