රාමසාන් සැමරූවන්ට වෙඩි ප්‍රහාරයක් – හයකට දිවි අහිමි වෙයි

පාකිස්තානයේ ඊදුල් ෆිතර් යාඥා සිදු කිරීමෙන් අනතුර සිදු වූ වෙඩි තැබීම් කිහිපයකින් පුද්ගලයින් සයදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ, මෙම වෙඩි තැබීම් පාකිස්තානයේ විවිධ ප්‍රදේශ පුරා ඊයේ (31) දිනයේ දී සිදු ව ඇති බවයි.

ස්වාබි හි ගඩූන් අමසායි හි ඊද් උල් ෆිතර් යාඥාවෙන් පසු ප්‍රතිවාදී කණ්ඩායම් අතර මෙම වෙඩි තැබීම් සිදු ව තිබෙනවා.

පොලිසියට අනුව මෙම වෙඩි තැබීම් දීර්ඝ කාලයක සිට සිදු වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

බන්නු හි මන්දන් පොලිස් බල ප්‍රදේශයේ දී වෙඩි තැබීම් සිදු ව ඇති අතර එහිදී කුඩා දරුවෙකු ද මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?