Empty Ad
AFC Banner
Empty Ad

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමේ කාලය හෙටින් අවසන්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමේ කාලය හෙටින් (31) අවසන් වනවා.

මීට පෙර 2024 වසරේ දෙසැම්බර් 15 වනදා දක්වා පරාටේ නීතිය අත්හිටුවීමට තීරණය කළ අතර, ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම නීතිය 2025 වසරේ මාර්තු 31 එනම් හෙට දිනය දක්වා අත්හිටුවීමට අනුමැතිය හිමිව තිබුණා.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම සහන කාලය ලබා දී තිබුණා.

තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබඳව බැංකු සමඟ තවමත් සාකච්ඡා කර නොමැති ව්‍යවසායන් සඳහා මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ හෙට (31) දිනයේදී ද එම අවස්ථාව ලැබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>