පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමේ කාලය හෙටින් අවසන්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමේ කාලය හෙටින් (31) අවසන් වනවා.

මීට පෙර 2024 වසරේ දෙසැම්බර් 15 වනදා දක්වා පරාටේ නීතිය අත්හිටුවීමට තීරණය කළ අතර, ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම නීතිය 2025 වසරේ මාර්තු 31 එනම් හෙට දිනය දක්වා අත්හිටුවීමට අනුමැතිය හිමිව තිබුණා.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම සහන කාලය ලබා දී තිබුණා.

තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබඳව බැංකු සමඟ තවමත් සාකච්ඡා කර නොමැති ව්‍යවසායන් සඳහා මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ හෙට (31) දිනයේදී ද එම අවස්ථාව ලැබෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25