Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් 4 ශ්‍රී ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරටට පැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය අගමැතිවරයා අප්‍රේල් 4 – 6 දෙදිනක නිල සංචාරයක් සඳහා පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු පිරිසක් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීමට ද නියමිතයි.

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඇතුළු නියෝජිත පිරිසක් ද මෝදි අග්‍රාමාත්‍යවරයා සමග මෙරටට පැමිණෙනු ඇති.

මෝදි අනුරාධපුර ප්‍රදේශයේ ද සංචාරය කරන අතර ඉන්දීය සහායෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති කිහිපයක් ඇරඹීමට ද එක් වීමට නියමිතයි.

අගමැති මෝදි පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ 2015 වර්ෂයේ දීයි.

ඒ විධායක ජනාධිපති ධුරයේ කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජ්‍ය පාලන සමයේ දී වන අතර එම සංචාරය ශ්‍රී ලංකා දේශපාලනික ඉතිහාසයට එක් වූයේ වසර 28කට පසුව ඉන්දීය අගමැතිවරයෙකු ශ්‍රී ලංකාවට සිදු කළ නිල සංචාරය වශයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>