ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් 4 ශ්‍රී ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරටට පැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය අගමැතිවරයා අප්‍රේල් 4 – 6 දෙදිනක නිල සංචාරයක් සඳහා පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු පිරිසක් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීමට ද නියමිතයි.

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඇතුළු නියෝජිත පිරිසක් ද මෝදි අග්‍රාමාත්‍යවරයා සමග මෙරටට පැමිණෙනු ඇති.

මෝදි අනුරාධපුර ප්‍රදේශයේ ද සංචාරය කරන අතර ඉන්දීය සහායෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති කිහිපයක් ඇරඹීමට ද එක් වීමට නියමිතයි.

අගමැති මෝදි පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ 2015 වර්ෂයේ දීයි.

ඒ විධායක ජනාධිපති ධුරයේ කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජ්‍ය පාලන සමයේ දී වන අතර එම සංචාරය ශ්‍රී ලංකා දේශපාලනික ඉතිහාසයට එක් වූයේ වසර 28කට පසුව ඉන්දීය අගමැතිවරයෙකු ශ්‍රී ලංකාවට සිදු කළ නිල සංචාරය වශයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56