Empty Ad
AFC Banner
Empty Ad

ශානිගේ ආරක්ෂාව වෙනුවෙන් ගොනු කළ පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි

තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම ඔහු ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

අද (25) පෙරවරුවේ එම පෙත්සම අභියාචනාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල වන ආර්. ගුරුසිංහ සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය එම ඉල්ලීම ඉල්ලා සිටියේ.

සිය සේවාදායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවත්, ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පාර්ශ්ව වෙතින් එකඟතාවක් ඇති කරගෙන ඇති බැවින් එම කරුණු සලකා බලා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසාලා කාමර් මෙනෙවිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>