ශානිගේ ආරක්ෂාව වෙනුවෙන් ගොනු කළ පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි

තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම ඔහු ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

අද (25) පෙරවරුවේ එම පෙත්සම අභියාචනාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල වන ආර්. ගුරුසිංහ සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය එම ඉල්ලීම ඉල්ලා සිටියේ.

සිය සේවාදායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවත්, ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පාර්ශ්ව වෙතින් එකඟතාවක් ඇති කරගෙන ඇති බැවින් එම කරුණු සලකා බලා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසාලා කාමර් මෙනෙවිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23