පෙම්වතා සමඟ එක්ව කොන්ත්‍රාත්තුවක් දී සැමියාව ඝාතනය කරලා – බිරිය අත්අඩංගුවට

විවාහ වී දින 15 ගතවීමටත් පෙර පෙම්වතා සමඟ එක්ව සැමියා ඝාතනය කළ බිරිඳක් පිළිබඳව පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සැකකාර බිරිඳ පෙම්වතා සමඟ එක්ව සිය සැමියා ඝාතනය කිරීමට ඉන්දීය රුපියල් ලක්ෂ දෙක්ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ඕරයියා ප්‍රදේශයේ සිදු වූ මෙම අපරාධයට සැකකාර බිරිඳ සහ ඇයගේ පෙම්වතා ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 19 වනදා කුඹුරක වැටී සිටි තුවාල ලැබූ පුද්ගලයෙකු පිළිබඳව පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම පුද්ගලයා බිදුනා හි ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා.

පසුව එම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කිහිපයකට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔහුව පසුගිය 20 වනදා ඕරයියා හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා 21 වන දින රාත්‍රියේ මියගොස් තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය මිය ගිය දිලිප් යාදව් නැමැත්තාගේ බිරිඳ වන 22 හැවිරිදි ප්‍රගති යාදව් සහ ඇගේ පෙම්වතා අනුරාග් නොහොත් මනෝජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් ඝාතකයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතකයා තවත් කිහිප දෙනෙකු සමඟ බයිසිකලයකින් දිලිප්ව කුඹුරකට ගෙන ගොස් පහර දී පසුව ඔහුට වෙඩි තබා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව හෙළිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13