Empty Ad
AFC Banner
Empty Ad

පෙම්වතා සමඟ එක්ව කොන්ත්‍රාත්තුවක් දී සැමියාව ඝාතනය කරලා – බිරිය අත්අඩංගුවට

විවාහ වී දින 15 ගතවීමටත් පෙර පෙම්වතා සමඟ එක්ව සැමියා ඝාතනය කළ බිරිඳක් පිළිබඳව පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සැකකාර බිරිඳ පෙම්වතා සමඟ එක්ව සිය සැමියා ඝාතනය කිරීමට ඉන්දීය රුපියල් ලක්ෂ දෙක්ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ඕරයියා ප්‍රදේශයේ සිදු වූ මෙම අපරාධයට සැකකාර බිරිඳ සහ ඇයගේ පෙම්වතා ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 19 වනදා කුඹුරක වැටී සිටි තුවාල ලැබූ පුද්ගලයෙකු පිළිබඳව පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම පුද්ගලයා බිදුනා හි ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා.

පසුව එම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කිහිපයකට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ඔහුව පසුගිය 20 වනදා ඕරයියා හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා 21 වන දින රාත්‍රියේ මියගොස් තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය මිය ගිය දිලිප් යාදව් නැමැත්තාගේ බිරිඳ වන 22 හැවිරිදි ප්‍රගති යාදව් සහ ඇගේ පෙම්වතා අනුරාග් නොහොත් මනෝජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් ඝාතකයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතකයා තවත් කිහිප දෙනෙකු සමඟ බයිසිකලයකින් දිලිප්ව කුඹුරකට ගෙන ගොස් පහර දී පසුව ඔහුට වෙඩි තබා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව හෙළිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34
Video thumbnail
කොළඹ 07 හොල්ලපු විමල්ගේ සෙට් එක - තත්ත්වය බරපතලයි - පොලිසියත් කැඳවයි
11:13
Video thumbnail
අප්‍රේල් 04 සුබ නැකතට පොහොට්ටුව කරන්න යන වැඩේ
02:43
Video thumbnail
දුමින්ද හුලංගමුව මීලග මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට ?
18:08

?