Empty Ad
AFC Banner
Empty Ad

කොළඹ – නුවර පාරේ බස් රථ දෙකක් ගැටී අනතුරක් (වීඩියෝ /ඡායාරූප)

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ, හැලගල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (22) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ ලංගම බසයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් ලංගම බසයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ බස් රථ දෙකක් බවයි වාර්තා වුණේ.

වරකාපොළ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

WhatsApp Image 2025 03 22 at 4.39.00 PM
WhatsApp Image 2025 03 22 at 4.38.59 PM 1
WhatsApp Image 2025 03 22 at 4.38.59 PM
WhatsApp Image 2025 03 22 at 4.42.19 PM
WhatsApp Image 2025 03 22 at 4.42.18 PM 1
WhatsApp Image 2025 03 22 at 4.42.18 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?