එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් ඉක්ම වූ විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, ඉකුත් සති දෙකක කාලය තුළ කොළඹ මධ්‍යම හුවමාරුවේ භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී, ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (19) දින පස්වරුවේ සොයාගෙන අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම පාර්සල් ප්‍රංශය, ඇමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර, මීගමුව, ජා – ඇළ , වැල්ලවත්ත, නුගේගොඩ, තංගල්ල, මහියංගනය සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත භාරදීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.

මෙවැනි පාර්සල් 20 ක් ඉකුත් සති දෙකක කාලය තුළ තුළ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා, ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට තැපැල්පතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා.

ඒවායින් පාර්සල් 14ක ‘කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272ක් සහ ‘මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති 2,049ක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් සමත් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් හඳුනාගෙන සහතික කිරීමෙන් පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48