මාරක රිය අනතුරකින් හිමිනමක් අපවත් වෙයි

නුවර – යාපනය A9 මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ දී පස්වරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් හිමිනමක් අපවත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ දායාගම හන්දිය අසල දි මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක පසුපස හිමි නමක් ගමන් ගත් වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදු ව තිබෙන බවයි.

හිමි නම රැගත් වෑන් රථයේ වේගය එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයේ පසුපස ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් වෑන් රථයේ වැඩසිටි හිමි නම බරපතළ තුවාල ලබා 1990 ගිලන්රථ සේවය මගින් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළා.

බරපතළ තත්ත්වයේ පසු වූ උන්වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු අපවත් වී ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම රිය අනතුරෙන් අපවත් ව ඇත්තේ ශ්‍රාවස්තිපුර 05 ඇළ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ දුටුවැව ධම්මදින්න නමැති 67 හැවිරිදි හිමිනමක්.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අනතුරට පත් වෑන් රථයේ රියදුරු මේ වනවිට මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරොව්පොතාන පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරින් එම රියදුරුට අනතුරක් සිදු ව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43