නුවර – යාපනය A9 මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ දී පස්වරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් හිමිනමක් අපවත් ව තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ දායාගම හන්දිය අසල දි මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක පසුපස හිමි නමක් ගමන් ගත් වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදු ව තිබෙන බවයි.
හිමි නම රැගත් වෑන් රථයේ වේගය එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයේ පසුපස ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් වෑන් රථයේ වැඩසිටි හිමි නම බරපතළ තුවාල ලබා 1990 ගිලන්රථ සේවය මගින් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළා.
බරපතළ තත්ත්වයේ පසු වූ උන්වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු අපවත් වී ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙම රිය අනතුරෙන් අපවත් ව ඇත්තේ ශ්‍රාවස්තිපුර 05 ඇළ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ දුටුවැව ධම්මදින්න නමැති 67 හැවිරිදි හිමිනමක්.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අනතුරට පත් වෑන් රථයේ රියදුරු මේ වනවිට මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරොව්පොතාන පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් එම රියදුරුට අනතුරක් සිදු ව නැහැ.