Empty Ad
AFC Banner
Empty Ad

දින 286ක කාලයක් අභ්‍යවකාශයේ සිර වී සිටි ගගනගාමීන් යළිත් පෘථිවියට

දින 286ක කාලයක් අභ්‍යවකාශයේ සිර වී සිටි සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණ තිබෙනවා.

අද (19) අලුයම 3.30ට පමණ ඔවුන් රැගත් ස්පේස් එක්ස් හි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානාව පැය 17ක මෙහෙයුමකින් අනතුරුව සාර්ථක ව පෘථිවියට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පසුගිය වසරේ ජුනි 5 වන දින බෝයිං ස්ටාර්ලයිනර් යානයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර කළා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ලබාදෙනු ලැබූ දින 08ක කාලයක් ගත වන මෙහෙයුමක් මාස 09ක පමණ කාලයක් සිදු කිරීමට සිදු වීමෙන් පසුව මොවුන් දෙදෙනා යළිත් මෙලොවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ සාගරයට ඇදවැටීමට පෙර අභ්‍යවකාශ කැප්සියුලය මගින් එහි පැරෂුටය හරහා ගගනගාමීන් දෙදෙනා නාසා හි නික් හේග් සහ රොස්කොස්මොස් ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් සමග සිය මෙහෙයුම අතිසාර්ථක ව අවසන් කළා.

මෙම ගගනගාමීන් හට නියමිත කාලයට මෙහෙයුම අවසන් කර යළි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්ව ඒමට නොහැකි වූයේ ඔවුන් රැගත් යානාවේ ඇති වූ කාර්මික දෝෂ හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
03:01:01
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09

?