අදානිගේ සුළං බලාගාරයට එරෙහිව දැමූ පෙත්සම් 05ක් ඉල්ලා අස්කර ගනියි

මන්නාරම සුළං බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගමට දීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින් අද (18) දැනුම් දෙනු ලැබුවා.

එම දැනුම්දීමෙන් අනතුරුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවෝ විසින් සිය පෙත්සම් ඉල්ලා අස්කර ගත් බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ අදානී සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කරුණු සලකා බැලීම අවසන් කරමින් එම පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ඔක්තෝබර් 14 වැනිදා දින නියම කර තිබුණා.

ඊයේ එම පෙත්සම් ඒ.එච්.එම් නවාස්, එස්. තුරෙයිරජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

වනජීවී හා ස්වභාව සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්රය ඇතුළු පාර්ශ්ව පහක් විසින් එම පෙත්සම් ගොනුකර තිබුණා.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි ගමනාන්තය වන ශ්‍රී ලංකාව වාර්ෂිකව සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන බව පෙත්සමේ සඳහන් කර තිබුණා.

මිලියනයක පමණ පක්ෂීන් ශීත සෘතුව ගෙවීමට මෙම භූමියට පැමිණෙන බව ද පෙත්සමේ සඳහන්.

මෙම මාර්ගයට කිසියම් බාධාවක් ඇති වුවහොත් මෙම පක්ෂීන්ගේ සංක්‍රමණික රටාවට සැලකිය යුතු බාධාවක් ඇති වන බව පෙත්සම්කරු සිය පෙත්සම මගින් අවධාරණය කර තිබෙනවා.

මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා මන්නාරම් දූපත තෝරාගෙන ඇත්තේ දේශපාලනික හා බාහිර කරුණු මත පදනම්ව බවත්, එම ව්‍යාපෘතිය සඳහා එම දූපත තෝරා ගැනීමට වෙනත් විද්‍යාත්මක හෝ වෙනත් සුවිශේෂී හේතුවක් නොමැති බවත්, එම භූමි කලාපය ඉතා සංවේදී පරිසර කලාපයක් බවත් පෙත්සම්කරුවන් පෙන්වා දුන්නා.

ඉන්දියානු අදානි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ ආචාර්යය රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා.

පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?