අදානිගේ සුළං බලාගාරයට එරෙහිව දැමූ පෙත්සම් 05ක් ඉල්ලා අස්කර ගනියි

මන්නාරම සුළං බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගමට දීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින් අද (18) දැනුම් දෙනු ලැබුවා.

එම දැනුම්දීමෙන් අනතුරුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවෝ විසින් සිය පෙත්සම් ඉල්ලා අස්කර ගත් බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ අදානී සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කරුණු සලකා බැලීම අවසන් කරමින් එම පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ඔක්තෝබර් 14 වැනිදා දින නියම කර තිබුණා.

ඊයේ එම පෙත්සම් ඒ.එච්.එම් නවාස්, එස්. තුරෙයිරජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

වනජීවී හා ස්වභාව සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්රය ඇතුළු පාර්ශ්ව පහක් විසින් එම පෙත්සම් ගොනුකර තිබුණා.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි ගමනාන්තය වන ශ්‍රී ලංකාව වාර්ෂිකව සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන බව පෙත්සමේ සඳහන් කර තිබුණා.

මිලියනයක පමණ පක්ෂීන් ශීත සෘතුව ගෙවීමට මෙම භූමියට පැමිණෙන බව ද පෙත්සමේ සඳහන්.

මෙම මාර්ගයට කිසියම් බාධාවක් ඇති වුවහොත් මෙම පක්ෂීන්ගේ සංක්‍රමණික රටාවට සැලකිය යුතු බාධාවක් ඇති වන බව පෙත්සම්කරු සිය පෙත්සම මගින් අවධාරණය කර තිබෙනවා.

මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා මන්නාරම් දූපත තෝරාගෙන ඇත්තේ දේශපාලනික හා බාහිර කරුණු මත පදනම්ව බවත්, එම ව්‍යාපෘතිය සඳහා එම දූපත තෝරා ගැනීමට වෙනත් විද්‍යාත්මක හෝ වෙනත් සුවිශේෂී හේතුවක් නොමැති බවත්, එම භූමි කලාපය ඉතා සංවේදී පරිසර කලාපයක් බවත් පෙත්සම්කරුවන් පෙන්වා දුන්නා.

ඉන්දියානු අදානි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ ආචාර්යය රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා.

පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39