ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙක්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියෙක් අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට එම ගුවන් යානයේ සිටි මගියෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාර ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර ගුවන් මගියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු ඊයේ (15) රාත්‍රී 10.00ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණෙන අතරවාරයේ සැකකරු අධික ලෙස බීමත්ව ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීම පිළිබද එම ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයේ නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු මේ පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සැකකාර ගුවන් මගියා අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර එහිදී මොහු අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?