ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙක්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියෙක් අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට එම ගුවන් යානයේ සිටි මගියෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාර ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර ගුවන් මගියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු ඊයේ (15) රාත්‍රී 10.00ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණෙන අතරවාරයේ සැකකරු අධික ලෙස බීමත්ව ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීම පිළිබද එම ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයේ නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු මේ පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සැකකාර ගුවන් මගියා අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර එහිදී මොහු අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06