Empty Ad
AFC Banner
Empty Ad

ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට

කැනඩාවේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරීට හිමිව තිබෙනවා.

ඒ, අනුව ගැරී ආනන්දසංගරීට එරට අධිකරණ අමාත්‍ය ධුරය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරීපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනවා.

ගැරී ආනන්දසංගරී; මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන වී. ආනන්දසංගරීගේ පුත්‍රයෙක්.

යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී 1983 වසරේ දී කැනඩාවට ගොස් ඇති අතර, එහිදී ඔහු දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කාලයක සිට පෙනී සිටින අයෙක්.

දේශපාලනයට පිවිසීමට පෙර ගැරී ආනන්දසංගරී නීතිඥවරයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?