ලෝකයේ සියලුම රාජ්‍යයන් සමඟ මිත්‍රශීලි, සහජීවනයෙන් පිරි විදෙස් ප්‍රතිපත්තියක් පවතවාගෙන යාමට වත්මන් රජය කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන අද (15) පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ වනවිට සියලු රටවල් සමඟ සිදුකරනු ලබන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු හරහා ආර්ථික හා දේශපාලන වශයෙන් විශාල වාසි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරතවීමට නියමිත බවයි.
ඔහුගේ එම සංචාරයේ දී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.