සියලුම රාජ්‍යයන් සමඟ මිත්‍රශීලි, සහජීවනයෙන් පිරි විදෙස් ප්‍රතිපත්තියක් – ඇමති විජිත (වීඩියෝ)

ලෝකයේ සියලුම රාජ්‍යයන් සමඟ මිත්‍රශීලි, සහජීවනයෙන් පිරි විදෙස් ප්‍රතිපත්තියක් පවතවාගෙන යාමට වත්මන් රජය කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන අද (15) පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ වනවිට සියලු රටවල් සමඟ සිදුකරනු ලබන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු හරහා ආර්ථික හා දේශපාලන වශයෙන් විශාල වාසි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරතවීමට නියමිත බවයි.

ඔහුගේ එම සංචාරයේ දී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39