තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීමේ කාලයේ දීර්ඝ කිරීමක් නැහැ – මැතිවරණ කොමිසම

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීමේ දිනය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළා.

ඒ, අනුව මුල් අවස්ථාවේ නාමයෝජනා දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 සඳහා තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීමට මාර්තු 17 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය ලබා දී ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම පසුව නාමයෝජනා දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 03 සඳහා ලබන 19 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අවස්ථාව ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී විභාග අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන අයුරින් තම මැතිවරණ කටයුතු සිදුකරගෙන යන ලෙසයි නාමයෝජනා භාර දී ඇති මැතිවරණ අපේක්ෂකයින්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටියේ.

එමෙන්ම ලබන 20 වනදා නාමයෝජනා භාරදීමේ කාලසීමාව අවසන් වීමෙන් පසු කිසිඳු පෙළපාලියක් හෝ රැස්වීම් පැවැත්වීමට නීතියෙන් අවසර නොලැබෙන බව ද ඔහු අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?